මේ සිද්ධිය වුනේ අපි සංවිධානයක් විදියට රැස්වෙන්න ටික කාලයකට කලින්.ඒ අපි තනි තනිව තොරතුරු හොයන, ගෘප් වලට ලියන කාලේ. අපේ හෙළසුර සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වන චානක (චංකි) තමයි මට මේ ගැන විස්තර කිව්ව.ඒ තමයි වලස්කුන සෙල්ලිපි 2. ඉතින් මට හිතුනා මේ ගැන තනියම ගිහින් හොයන්න.මේ තමයි ඒ විස්තරේ,
ගමන් මග.
කොළඹ > අනුරාධපුරය > හොරොව්පතාන > තිරියාය > මැදවච්චිය පැත්තෙ තියෙන්නෙ හැබැයි........
ගමනෙ තොරතුරු.
මං මේ ගමන පිටත්වුනේ 2011 ඔක්තෝබර් මාසෙ 08 වෙනිදා. එදා රෑ පන්සලක හිටියා. ඒ තමයි හොරොව්පතානෙ ශ්‍රි බෝධිරාජාරාමය. ඉතින් , මම පසුවදා උදෙන්ම ගමන පිටත්වුනා. තිරියායට ගිහින් එතැන සිට මැදවච්චිය පැත්තට යන්න ඕනෙ. එදා ඉරිදා දවසක් නිසා බස් යන්නෙත් නෑ. තිරියායෙ ඉඳන් ටිකක් දුර පයින් යද්දි ත්‍රීවිල් එකක් හම්බවුනා. ඒකෙ යන ගමන් මම ත්‍රීවිල් එකේ මනුස්සයාගෙන් ඇහුවා වලස්කුන කියලා වැවක් තියෙනවද කියලා. මිනිහා කිව්වා එහෙම එකක් මෙ පෑත්තෙ නෑ කියලා. මං කිව්වා මේක තියෙන්නෙ අඩම්පාන කියලා ගමක් ලග කියලා. එතකොට එයා කිව්වා “එහෙම ගමක් තියෙනවා. ඇයි ඔයා ඒ වැව හොයන්නෙ“ කියලා. මං කිව්වා සෙල්ලිපි 2ක් තියෙනවා බලන්න අවේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වා “මේ පැත්තෙ අවුරුදු 30 ක් යුද්දෙ තිබුන නිසා සැක කරන කවුරු හරි හිටියොත් පොලීසියට අල්ලලා දෙනවා, නැත්නම් 119 එකට කතා කරනවා“ කියලා. “එක නිසා අහුවුනොත් හිරෙත් යන්න වෙයි. නැති ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි.මොකද දැන් මේ පැත්තෙ නිදන් කඩනවා. ඒක නිසා පොලීසියට කියලා ගියාම ප්‍රශ්නයක් නෑ. එතකොට අහුවුනත් ගැටලුවක් වෙන්නෑ. මොකද පොලිසියට කියලනේ තියෙන්නෙ“ කියලා. ඒ නිසා මාත් ඉල්ලන් කන්න ඔනෙ නැති නිසා පොලීසියට ගිහින් මේ ගැන කිවුවා. ඒ යක්කු පිටසක්වල ජිවියෙක් දිහා බලනවා වගේ මං දිහා බැලුවේ. ඊට පස්සෙ පොලීසියෙ ලොක්කා ගාවට දැම්මා. ඒ යකා කකුලකුත් මෙසෙ උඩ තියාගෙන, මෙහෙම කිවුවා. අපිට ඕකට අවසර දෙන්න බෑ. ඕක අපේ රාජකාරියක් නෙමෙයි. හැබැයි ගිහිල්ලා අහුවුනොත් කතා දෙකක් නෑ, නිදන් කඩන්න ගියා කියලා හිරේ දානවා. යන්න ඕනම නම් පුරාවිද්‍යා ඒකකයෙන් අවසර ගන්න. ලියුමක් ඇතුව ගියොත් ගැටලුවක් නෑ.
(දීර්ඝ සාකාච්ඡාවක් ගියා. කෙටියෙන් තමයි ඔයගොල්ලන්ට කියන්නේ).
ඊට පස්සෙ මම පුරාවිද්‍යා ඒකකයට ගියා. එතන තමයි හොඳම දේ සිද්ධ වුනේ.
පුරාවිද්‍යා ඒකකයෙ හිටපු කෙනාට මං මගේ විස්තරය කිව්වා. ඔහු හා මා අතර ඇතිවුන සංවාදය මං පහතින් දාන්නම්.
පුරා විද්‍යා විද්වතා : මගේ නම, ගම, කින්ද මන්ද ඒ ඔක්කොම ඇහුවා.
මම : ඒ විස්තර ඔක්කොම ටික කිව්වා.
පුරා විද්‍යා විද්වතා : කොහොමද දැනගත්තෙ මෙහි සෙල්ලිපි 2ක් තියෙනවා කියලා?
මම : පොත් වලින් කියවලා තමයි දැනගත්තෙ. (ඇත්තටම දැනගත්තෙ චංකිගෙ මාර්ගයෙන්)
පුරා විද්‍යා විද්වතා : මොනවද ඒ පොත් ?
මම : ඒ පොතයි, තව කටට ආපු පොත් 2 ක 3 ක නම් කිව්වා.මොකෝ චංකි කිව්වා කියලා කියන්නද, ඒ පොත් ගැන අහලා තියා ඒ මිනිස්සු ඒවා දැකලවත් නැ.
පුරා විද්‍යා විද්වතා : කොහෙද ඒ සෙල්ලිපි තියෙන්නෙ?
මම : වලස්කුන වැව ලග.
පුරා විද්‍යා විද්වතා : මම අවුරුදු 25 ක් මෙහේ හිටියා. මංවත් දන්නෑ ඔය වගෙ දෙයක් ගැන.
මම : තොනිගල ලිපිය නම් ප්‍රසිද්ධයි. ඒක කවුරුත් දන්නවා. එත් මේ සෙල්ලිපි ප්‍රසිද්ධ නැහැ. මට ඔනෙ මේවත් ජනතාව අතරට ගෙනියන්න. ඔබතුමා විතරක් නෙමේයි, මමත් දැකලා නෑ, ඒකයි එහෙම එකක් තියෙනවාද කියලා බලන්න ආවේ.
පුරා විද්‍යා විද්වතා : මොකක් ගැන ද ඒකෙ තියෙන්නෙ?
මම : රාවණ රජු හා විභිෂන ලෙනක් පුජා කර බවට තියෙන්නේ.
පුරා විද්‍යා විද්වතා : ඒවා තියෙනවා නම් ලෙන් වලනේ කොටන්නේ?
මම : එක නම් දන්නැ.මමත් ඒක දැකලා නැති නිසා තමයි බලන්න යන්නෙ.
පුරා විද්‍යා විද්වතා : ඇයි ඉතින් රාවණ රජු ගැන හොයන්නෙ?
මම : අපේ පාසල් පොතේ උගන්නනෙත්, අපේ වර්තමානය ඉතිහාසය කියලා පිළිගන්නෙත් විජයට පස්සෙ ඉතිහාසය.මට ඕනෙ එතනින් එහාට අපිට ඉතිහාසයක් තිබුනා, ඒ ඉතිහාසයත් අපේ වර්තමාන ඉතිහාසය කියන තැනට එකතු කරන්න.
පුරා විද්‍යා විද්වතා : එහෙම කියන්නෙ කොහොමද ඔයා ?
මම : එහෙනම් ඇයි වර්තමානෙ පරාක්‍රම පිලිමය කියන පිළිමේ පාසල් පොත්වල උගන්වන්නෙ පැරකුම් පිලිමය කියලා? ඇත්තටම ඒක පැරකුම් පිලිමය නෙමෙයි. ඒක පුලස්ති පඩිතුමාගෙ පිළිමේ.ඒ පිළිමේ උඩ කොටලත් තියෙනවා "පුලතිස" කියලා.
පුරා විද්‍යා විද්වතා : ඔව්. අපිත් ඒක පිලිගන්නවා. පුලස්ති පඩිතුමාගෙ පුලස්ති නගරය තිබුනෙත් ඔතන.
මම : ඇයි එහෙනම් පාසැල් පොතේ ඒක පැරකුම් පිළිමය කියන්නෙ? ඒක වෙනස් කරලා ඇත්ත විස්තරේ දාන්නෙ නැත්තෙ ඇයි ? ළමයින්ට බොරු උගන්වන්නෙ ඇයි..?
පුරා විද්‍යා විද්වතා : ....................................... (සද්දයක් නෑ. ඒ ගැටළුවට එතුමාගෙන් පිළිතුරක් නොලැබුණි)
පුරා විද්‍යා විද්වතා : ඔයා රාවණා ගැන හොයන්නෙ නැතුව පාරාක්‍රම බාහු, දුටු ගැමුණු වගේ රජකෙනෙක් ගැන හොයන්නකෝ. අනික රාවණ රජු අපිට මොනවද කලේ.....?
මම : (මට මේ වෙලාවේ හිතුනෙ ඔය ටික කියපු කටෙ දත් ටික ගලවන්න ඇත්නම් කියලා... මේ වගේ පාපතර පාහරයන් තමා අපේ රටේ පුරා විද්‍යා විද්වතුන්) එහෙම කියන්න එපා.. ඒ අපේ ඉතිහාසය. ඒවා වැළලෙන්න දීලා බලන් ඉන්නද කියන්නේ?
පුරා විද්‍යා විද්වතා : ඔයා ගිහිල්ලා කොළඹින් අවසර අරගෙන එන්න, දැන් යන්න. කොහොමත් යන්න දෙන්න බැහැ....
මම නැගිට ආවෙමි..............
මේ කතාව කෙටියෙන් ඔයගොල්ලන්ට කිව්වට මේක ගොඩක් දිගට සිද්ද වුනා.මම මේක ඔයාලට කියන්න හිතුවේ මේක තමයි අපේ රටේ තියෙන තත්වය. අපේ මේ ලංකාවේ සිද්ධ වෙන පුරාවස්තු විනාශයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වග කියන්න වෙනවා. වලස්කුණ සෙල්ලිපි තියෙන ප්‍රදේශය භාරව තියෙන පුරාවිද්‍යා ඒකකයේ කවුරුවත් ඒ සෙල්ලිපි ගැන දන්නවා තියා අහලා වත් නැහැ. රට පුරාම මේ වගේ ස්ථාන තව කොතරම් ඇත්ද?
අපේ හෙළසුර සංවිධානය මගින් රජයේ නීත්‍යානුකූල ලියාපදිංචිය මගින් මේ වගේ ස්ථාන ගැන සොයා බලා, එම ස්ථාන සංරක්ෂණය කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
සංවාදයකට ඉඩකඩ,
http://www.facebook.com/groups/helasura/
ස්තූතියි,
අකිල ගුණතිලක,
සම්භන්ධීකරණ ලේකම්,
හෙළසුර සංවිධානය.
සෙල් ලිපියක ඡායාරූපයක්.

සත්‍ය අත්දැකීම් මත ලියූ ලිපියකි.
ReplyDelete