හෙළසුර සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශණ මාලාවේ පළමුවැන්න.

හෙළසුර සංවිධානය විසින් ආරම්භ කරන ලද දේශණ මාලාවේ පළමුවැනි වැඩසටහන 2012 ඔක්තෝබර් මස 21 වන ඉරිදා දින රාජගිරිය, සදහම් සෙවන පරිශ්‍රයේ දී පැවැත්වීය. හෙළසුර සංවිධානයේ සාමාජිකත්වය ලැබූ සාමාජිකයින් සහ අළුතින් සාමාජිකත්වය අපේක්ෂාවෙන් පැමිණි කිහිපදෙනෙක්ද මේ සදහා සහභාගී විය.දේශණය පෙරවරු 09.30 ට ආරම්භ විය.

               වෛදික ජ්‍යොතිශවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතා

මෙදින අපගේ ආරාධනයෙන් හෙළසුර සංවිධානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන වෛදික ජ්‍යොතිශවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතා සහභාගී විය.එතුමා විසින් විශේෂ දේශණයක් පැවැත්වීය.පැය දෙකකට ආසන්න කාලයක් පැවති එතුමාගේ දේශණය බෙහෙවින් වැදගත් එකක් විය.ඉන් අනතුරුව අප සාමාජිකයින් හට ඉතිහාසමය කාරණා සම්භන්ධව පැවති ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුනි. එම ගැටළු වලට කාංචන මනමේන්ද්‍ර මහතා විසින් පිළිතුරු ලබා දී පැහැදිලි කරන ලදි.

අනතුරුව හෙළසුර සංවිධානය විසින් පැමිණි පිරිසට විශේෂ සංග්‍රහයක් පැවැත්වීය.

අනතුරුව හෙළසුර සංවිධානයේ සම්භන්ධීකරණ ලේකම් අකිල ගුණතිලක විසින් රාවණ යුගය සම්භන්ධව කෙටි දේශණයක් පැවැත්වීය.


             හෙළසුර සම්භන්ධීකරණ ලේකම් අකිල ගුණතිලක

ඉන් අනතුරුව මද වේලාවක් සාමාජිකයින් හට වෛදික ජ්‍යොතිශවේදී කාංචන මනමේන්ද්‍ර මහතා සමග කතාබහ කිරීමටත් අවස්ථාවක් ලබා දෙන ලදි.අනතුරුව එදින වැඩසටහන නිමා කරමින් පැමිණි සියළුම දෙනාට ස්තූති කිරීමේ කතාව හෙළසුර සංවිධානයේ ලේකම් ක්‍රිෂාන් වීරසිංහ විසින් පැවැත්වීය.

                              හෙළසුර ලේකම් ක්‍රිෂාන් වීරසිංහ

මීළග සමුළුව පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.ඒ සදහා සාමාජිකත්වය ලැබූ අයට මෙන්ම වෙනත් ඕනෑම කෙනෙකුටද සහභාගී වීමේ අවස්ථාව ලබා දීමට හෙළසුර සංවිධානය කටයුතු සම්පාදනය කරමින් පවතී.

                                 සමුළුවේ අවස්ථා කිහිපයක්. 

 හෙළසුර සංවිධානය හා එක්වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය.

ස්තූතියි.
හෙළසුර සංවිධානය.   
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment