තල්ගහවත්ත කනිටු විදුහල - පොත් බෙදා දිම

හෙළසුර සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් විජයග්‍රාහී පියවරක් සාර්ථක ලෙස නිමාවට පත් කරන්නට පසුගිය පෙබරවාරි මස දී හෙළසුර සංවිධානය සමත් විය.

එය නම්, ගාල්ල දිස්ත්‍රික්කයේ, කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාශයේ වැසී යාමේ තර්ජනයට මුහුණ පා සිටි තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා පාසල් අභ්‍යාස පොත් කට්ටල සහ පාසැල් උපකරණ කට්ටල බෙදා දීමයි.


   ගුරු උපදේශක සුදත් ප්‍රේමලාල් මහතාගේ කතාව

                                         

සිසු දරු දැරියන් 07 දෙනෙකු දක්වා පහත වැටී තිබූ අවධියක, වත්මන් විදුහල්පතිතුමා සහ ගුරු භවතුන්ගේ දැඩි කැපවීම මත ටිකෙන් ටික පාසල නඟා සිටුවීමට හැකි විය

ඒ අනුව මෙම වසරට නව සිසු දරු දැරියන් 60 කට අධික පිරිසක් අයදුම්පත් භාර දී තිබූ අතර, එය මෙතෙක් තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයට එකවර සිසුන් භාර දීම සඳහා ඉල්ලුම් කල වැඩිම ප්‍රමාණය වීම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩ‍ලයේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබඳ වූ සාධකයක් විය.

තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ වත්මන් විදුහල්පති ඒ.බී. පාවුලුවගේ මහතා සහ ගුරු උපදේශකවරයෙකු වන සුදත් ප්‍රේමලාල් යන මහත්වරුන් මීට මාස ගණනාවතට ඉහතදී අප සංවිධානයෙන් ලිඛිතව ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටියේ නැවත පණ ලබමින් සාර්ථකත්වයේ ගමනක් ආරම්භ කිරීමට යුහුසුළු වන තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා හැකි පමණක පාසල් උපකරණ හා අභ්‍යාස පොත් ලබා දෙන ලෙසයි. 
 
ඒ අනුව අප සංවිධානයේ අවධානය එම පාසැල වෙත යොමු විය. වැසීයාමේ තර්ජණයට මුහුණ පා සිටි සිංහල බෞද්ධ පාසලක් ගුරුවරුන් සහ විදුහල්පතිතුමාගේ අප්‍රතිහත උත්සාහය මත නැගී සිටින ‍මොහොතක, පාසැලට සවියක් වීමට අප සංවිධානය තීරණය කලෙමු.

ඒ අනුව අපගේ මුහුණු පොතේ අපගේ කණ්ඩායම් පිටුව තුල සහ අපගේ සහෝදර කණ්ඩායම් වල නිල පිටු වල අප සංවිධානය විසින් මෙම උදාර මාහැඟි කර්තව්‍යය උදෙසා එක්රොක් වන මෙන් කාරුණිකව ඉල්ලීමක් පල කලේ, විදුහල්පතිතුමාගේ ලිපිය ලැබී සතියක් ගතවෙන්නටත් මත්තෙන්ය.

පෙර අවස්ථා වල හෙළසුර සංවිධානය විසින් මූලිකත්වය ගෙන සිදු කල සමාජ සත්කාරක වැඩසටහන් වලදී මෙන්න මෙම වැඩසටහනටත් විවිධ පුද්ගලයන් මෙන්ම කණ්ඩායම් වලින්ද සහයෝගය නොඅඩුව ලැබුනි. මූල්‍යමය වශයෙන් හා ද්‍රව්‍යමය වශයෙන් ළමුන් 100 දෙනෙකු වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ කට්ටල ලබා දීමට ඒ අනුව අවකාශය උදා විය. 



       හෙළසුර සමාජිකයින් පොත් බෙදා දෙමින්

2014 පෙබරවාරි මස 10 වන දින උදෑසනම අප සංවිධානයේ ලේකම් ධූරය හොබවන අකිල ගුණතිලක සහ උදාර චතුරංග යන මහත්වරු විසින් අදාල පොත් කට්ටල රැගෙන තල්ගහවත්ත කණිෂ්ඨ විද්‍යාලයට පිටත්ව ගියහ.

එහි දී ගුරු උපදේශක සුදත් ප්‍රේමලාල් මහතා සහ විදුහල්පති ඒ.බී. පාවුලුවගේ මහතා විසින් සහ පාසලේ ගුරු භවතුන්, සිසු දරු දැරියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් විසින්ද අප සංවිධානය නියෝජනය කරමින් තල්ගහවත්ත විදුහලට ගිය අකිල ගුණතිලක සහ උදාර චතුරංග මහත්වරුන් දෙපල මහත් වූ ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

චාම් උත්සවයක් සංවිධානය කරමින් අප සංවිධානයේ නියෝජිත දෙපළ පිළිගත් තල්ගහවත්ත විදුහලේ දරු දැරියන් සහ ගුරභවතුන් විසින් පළමු කොටම මෙම පාසලට මෙවැනි උපකාරයක් කිරීමට ඉදිරිපත් වීම සම්භන්ධයෙන් ස්තූතිය පල කලහ.

ගුරු උපදේශක සුදත් ප්‍රේමලාල් මහතා සහ විදුහල්පති ඒ.බී. පාවුලුවගේ මහතා සිදු කල කතාවන් වලින් අනතුරුව අකිල ගුණතිලක මහා විසින්ද සිසු දරු දැරියන් හා දෙමව්පියන් අමතා කතාවක් පැවැත්විය.


                                                          පොත් බෙදා දිමෙන් පසු

ඉන් අනතුරුව ගුරු භවතුන්ගේ සහභාගීත්වයත් ඇතිව ළමුන් සිය දෙනෙකු උදෙසා අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණ කට්ටල බෙදා දීම ඇරඹුණි.

සිනා මුසු මුහුණින් එම කුඩා දරුවන් විසින් තමන් වෙත ලැබුණු ත්‍යාගය ඒ මොහොතේ දීම විවෘත කර බලනු දැකගත හැකි විය.සතුටු මුහුණින් එම පොත් පත් භාර ගනු ලබන ආකාරය දෙමව්පියන් බලා සිටියේ සතුටු කඳුළු වගුරවමින්ය. 

දැයේ දරුවන්ගේ ණැන පහන් දල්වා ලන්නට මෙම සමාජ සත්කාරයට දායක වූ සියළුම දෙනාට එම දෙමව්පියන් ගේ මුවින් පිට වූ ආශිර්වාදය හිමි විය යුතුය.

මෙම කටයුතු සම්පාදනය කරමින් නිහඬ සේවයක් ඉටු කල අප සමාජික ක්‍රිශාන් වීරසිංහ සහ මිතුරු කැලටත්, ආධාර උපකාර කල ඔබ සැමටත් අපගේ ගෞරව පූර්වක ස්තූතිය මෙයින් පුද කර සිටින්නෙමු.  

විශේෂයෙන් අප සහෝදර කණ්ඩායමක් නියෝජනය කරමින්, එම කණ්ඩායමින් එක් රැස් වූ මුදලක් අපගේ මෙම පුන්‍ය ක්‍රියාවට ලබා දෙමින් කටයුතු කල කැළුම් ප්‍රියංකර මහතාටත් විශේෂ ස්තූතිය පුද කර සිටින්නෙමු. 

එමෙන්ම නන් අයුරින් සහයෝගය දැක් වූ පින්වත් ඔබ සැමට තුති...... 


Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

  1. ඉතාම වටිනා කර්තව්‍යක්. ඇත්තෙන්ම ස්තූතියි..

    ReplyDelete