කහල්ල පුරාණ විහාරස්ථානයේ මල් ආසනය ඉදි කර පූජා කිරීම

මහනුවර, කහල්ල පුරාණ විහාරස්ථානයේ මෙතෙක් කලක් විශාල අඩුපාඩුවක් ලෙස තිබුණ මල් ආසනය, හෙළසුර සංවිධානයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂි අධියරක් සනිටුහන් කරමින් අලංකාර ලෙස ඉදි කර පූජා කිරීම පසුගිය දා සිදු විය.

දුලීකා හේරත් මහත්මියගේ විශේෂ ඉල්ලීමකට අනුව සහ එම මහත්මියගේ මැදිහත් වීම මත මෙම පුන්‍ය ක්‍රියාව ඉතා සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වූ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුය. පෙර අවස්ථාවන්හිදී මෙන්ම හෙළසුර සංවිධානය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය නැවත වරක් තහවුරු කරමින් මෙම උතුම් කර්තව්‍යය සඳහාද පින් කැමති ඔබගේ නොමසුරු ආධාරය හිමි වූ බව හෙළසුර සංවිධානය ලෙස අප සිහිපත් කරනුයේ හද පිරි සතුටිනි.

එලෙස ඔබෙන් ලද මුදල් ආධාර සහ දුලීකා හේරත් මහත්මියගේ මෙන්ම හෙළසුර සංවිධානයේ ගරු ලේකම් අකිල ගුණතිලක මහතාගේ උනන්දුව හා කැපවීම මත අලංකාර ලෙස නිම කරන ලද කහල්ල පුරාණ විහාරස්ථානයේ අභිනව මල් ආසනය ශ්‍රී බුද්ධ වර්ශ 2559 ක් වූ වෙසක් මස උදාවූ තෙවැනි දින කහල්ල පුරාණ විහාරස්ථානාධිපති පූජ්‍ය කහල්ල වටපන ස්වාමීන්වහස්සේගේ පින්වත් සුරතින් විවෘත කර පූජා කරන ලදි.

ඔබෙන් ලද මුදල් ආධාර පිළිබඳව සවිස්තර වාර්ථාව සහ අය වැය වාර්ථාව පහතින් දක්වා ඇත.


දිගින් දිගටම හෙළසුර සංවිධානය හා රැඳී සිටිමින් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සමඟ සම්භන්ධ වෙමින්, හැකි අයුරිනි දායක වෙමින් කටයුතු කරන සබඳ ඔබට හෙළසුර සංවිධානයේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටින්නෙමු.

ස්තූතියි. 














Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment