හෙළසුර සංවිධානය මගින් සිදුකරන්නාවූ සමාජ සත්කාර වැඩසටහන් යටතේ, බලංගොඩ දෙයියන්ගේවෙළ පංසලෙහි පැවිදි ශිෂයින් වන, කටුවන සාරද භික්ෂු නම හා බලංගොඩ කසිණ ධජ භික්ෂු නම භික්ෂුන් දෙනමගෙ අධිශිල සoඛයාත උතුම් උපසම්පදා විනය කර්මය සදහා හෙළසුර සංවිධානය විසින් එක් නමක් සදහා සිව්රු පිරිකර කට්ටලයක් පුජා කිරිමට බාරගතිමු.
මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට මුදලින් උපකාරවූ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතර මෙම කර්තව්‍යය පිළිබඳ අප දැනුවත් කළ හා අප හා සම්බන්ධවූ උසිත සොහොයුරාටත් නවීන් සොහොයුරාටත් අපගේ ස්තුතිය හිමිවිය යුතුය.
පන්සලේ ප්‍රදාන දායක -
නවීන් : 0779133814
එයට හේතුව වන්නේ මෙම පන්සලේ දායකයන් බොහෝම අමාරුවෙන් පන්සලේ සුබසිද්ධිය සඳහා මුදල් එකතු කරගන්නා බැවිනි. ශ්‍රමය ගැටළුවක් නොවුනත් මුදල් නම් ලොකු ගැටලුවක්. එම නිසා ඔබටත් හැකියාවක් ඇති නම් ඔවුන්ට උදව් කරන්න.
නැවතත් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහනක් සමගින් ඔබ හා එක්වන්න බලාපොරොත්තුවෙන් ඔබ ගෙන් සමුගමි
0 comments:
Post a Comment