අභයගිරිය දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහභාගී වීම.

 2012 මාර්තු මාසේ 10 දින හෙළසුරේ අපි කිහිප දෙනෙක් අනුරාධපුර අටමස්ථානයට අයත් පූජනීය ස්ථානයක් වන අභයගිරිය දාගැබේ මේ දින වල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහභාගි වූයෙමු.

                                      අභයගිරිය චෛත්‍යය.

මේ සදහා හෙළසුර සංවිධානයේ වත්මන් ලේකම් ක්‍රිෂාන් වීරසිංහ, සම්භන්ධීකරණ ලේකම් අකිල ගුණතිලක, ආරම්භක සාමාජිකයන් වන චුල්ල පද්ම සේනාධිකාර, තිලාන් වීරසිංහ හා සුදේෂ් පද්මකුමාර ඇතුළු පිරිසක් සහභාගී විය.

                අභයගිරිය දාගැබේ හතරැස් කොටුව මුදුනේදී හෙළසුරේ අපි.

මෙම පූජනීය ස්ථානය ආකාර කිහිපයකින් බෞද්ධ බැතිමතුන්ට වැදගත් ස්ථානයක් වේ.


  • ක්‍රි.පූ. පළවන සියවසේදී වළගම්බා රජු විසින් කරවන ලද අභයගිරිය චෛත්‍යය බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනයක් මත ඉදිකර ඇත.
  •  ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා රනින් නිර්මාණය කල වෘෂභයෙකුගේ හැඩය ගත් කරඩුවක බහා නිදන් කර ඇත.
  • චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්ථා අනුව පස්වන සියවස වන විට මෙම ස්ථානයේ ස්වාමීන්වහන්සේලා 5000 කට අධික ප්‍රමාණයක් වැඩ සිට ඇත.

බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අභයගිරිය චෛත්‍යය සොයා ගන්නා විට වල් බිහිවී තිබී ඇත.
                              අභයගිරිය දාගැබ (ක්‍රි.ව. 1885 දී) 

මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අභයගිරි දාගැබේ වැඩ අවසන් වෙමින් පවතී. 1993 වසරේ දී පමණ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

හෙළසුර සංවිධානය ලෙස අප සාමාජිකයින් කිහිප දෙනෙක්ද, අවස්ථා කිහිපයකදීම මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ශ්‍රමදායකත්වය සපයා ඇත. 
            අපගේ සාමාජිකයන් ශ්‍රම දායකත්වය සැපයූ ආකාරය.

ඉදිරියේදී ද මේ ආකාරයෙන් කටයුතු කිරීමට හෙළසුර සංවිධානය බලාපොරොත්තු වේ.විනාශ වෙමින් පවතින අපේ උරුමය රැක ගැනීමට හෙළසුර සංවිධානය සූදානමින් සිටියි.

ස්තූතියි,
හෙළසුර සංවිධානය.



Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment