රාවණ රජු මිත්‍යාවක් ද?

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී රාවණ යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක්වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයෙකු සිටිය බව සොයා ගැනීමට පුළුවන.

රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.

මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.

මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.
 
යළි දෙනුවර සිවුසිය පත්තු මහ දන
මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගමන
“රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙන
හේවාහැට දුම්බර සෙන් විය ගමන

සිහසුන් “රාවණ ධජ” ගෙන අසු පිටින
දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළින
පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙන
මාවත් දෙකේ වාසල මුර ගත එමෙන

දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමින
පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙන
සිහසුන “රාවණ දජ” පෙරටු කරමින
අස්වාහන නැග ඊළඟ වියගමන

එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැති
විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැති
පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැති
“රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යුති

අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.

“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”

(මහාවංශය-පි.64-පරි 42)


රාවණ රජු
නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන ලංකාවතාර සූත්‍රයේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පක යානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ.

(ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න)

මෙම පුෂ්පක යානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.

“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”

(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)

රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය.

(රාජාවලිය ඒ.වී. සුරවීරසංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)

රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත.

“දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ.

ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත.

(එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න)

රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.

ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය.

(ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු)

එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරි ලේක්’ යැයි නම් කර තිබේ.

කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.

රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය.

(මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687)

රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය.

මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. එම වැඩසටහන සඳහා මා ඇතුළු පිරිසක් සහභාගි විය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ  >  යක්කැලේ  >  යක්කල ලෙස ව්‍යවහාර වේ.

රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි.

(ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005)

ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.

විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.

“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”

(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)

පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).

මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.

රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.

බිසවුන් මාලිගෙ ඇතුළට යන්නේ
එතකොට දෙවියෝ සාදු කියන්නේ
මාලිගෙ ඇතුලේ ගොසින් සිටින්නේ
හනුමන්තා දෙනු මොකද අසන්නේ

(Hugh Nevill – Sinhalese Verse-97)

නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.

පුරා විද්‍යා ගවේෂක ජයරත්න පතිරආ‍රච්චි ("සිරිදෙසුම" පුවත්පත - ඇසළ කලාපය)

අකිල ගුණතිලක
සම්භන්ධීකරණ ලේකම්
හෙළසුර සංවිධානය.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments:

  1. ලිපිය වටිනවා. ඒත් රාවණ කෙනෙක් පමණක් ගැන කතා කරමින් සිංහල මිනිසුනට කරන හානිය කීමට මෙය ලියමි. ඉංග්‍රීසි විදියට ඉතිහාසය සෙවීම, වගේම මුළුමනින් නොදැන කී නිසා තොරතුරු විකෘර්ති වීම බරපතල දෙයක්. රාවණ කෙනෙක් හිටිය බව කියන්න දෙයක් නොවෙයි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන විභීෂණ දේවත්වයට දැමීමත් රාවණ මතකයෙන් ඈත් කිරීමත් සිංහලකම යනු කුමක්දැයි දත් කෙනෙකුට අමුතු දෙයක් නොවේ. කීකරු සේවකයන්ට පාලකයා කවරකු වුවත් බැඳීම නිසා ඔහු ගැන ඇති මතකය රැකේ. එහෙත් බහුතරය චරියාව අනුව තීරණ ගන්නවා.

    සැබැවින්ම රාවණ ලෙස අන්තිමට සක්විති රජ වූ කෙනා, හිරු (කලින්, කල, මිනිසකු වෙන විශේෂ කෙනෙකු මිස සූර්යයා නොවේ), මනු වෙසින් ඉපිද, හිරුගේ නායකත්වයෙන් බිහි වූ මහ සම්මත පාලනයේ නායකත්වය ගත් අන්තිම කෙනාය. රාවණගේ ක්‍රියාවන් අනුව කතා කිරීමද සුදුසු නොවන්නේ, ඔහු ඒ යුගය නැසූ, යුධ කාමයෙන් හා බල කාමයෙන් පිරි, සිංහල දැනුම අවැඩට යෙදූ කෙනා නිසාය. ඒ ගතිය සිංහල නොවේ. රාමායනය යන ගෙතුමට දායක වුවද සැබෑ ලොව නැති බහුභූත හැර බැලූවිට, රාවණ හා යුධ වැදුනකු සිටිය නොහැකි බව එකල තතු අනුව පැහැදිලිය. මළවුන් නැඟිටුවා ජයගැනීම ප්‍රබන්ධ කතාවක් මිස ඇත්ත නොවේ.

    බුධ ගැන කී දේ සිනහ උපදවයි. සිංහල සමාජය තුල මහසම්මත මනු කල සිට බුධලා ගුරුලා බොහෝ සිට ඇත. දෙමළුන් ගෙතූ සිදට් නම් හොර බුධ, වැදගැම්මකට නැති, නියම බුධලා ඇදහූ මනුෂ්‍යකම හා පැවැත්ම මත බිහි වූ පණ රැකීමේ දැනුම උඩුයටිකුරු කර, මිනිසත් බව නැසීමට ගෙතූ මිරිඟුවේ හිමි කරුය. මේ අය ඇදහුවේ අන්ත දෙකකි. අවාසනාවට, මුලා වී අද තියෙන අබුද්ධාගම එදා බුධලා ඇදහු දේ යයි කීම සිංහලකමට නින්දාවකි.

    සිදට් නමැති නිකමා බුධ කෙනෙකු කර, හිරුගේ බලයන් අන්ඳවා දෙමළුන් මැවූ පිළිලය ගිල, හිරුගේ (මනු ගේ) බල පරාක්‍රමය අන්ඳවා රාවණයකු මවන ඔබ කරන්නේ ද ඇත්ත වසන් කිරීමයි. මෑතකදී රාවණ මලවුන්ගෙන් නැගිට එනවා යයි කී කෙප්පය අතේ පත්තු වන විට, එවැන්නන් කලේ අප අතරට ආ හිරුගේ පැමිණීම ආවරණය කිරීමය. ඔය හිරුගේ ඒම ගැන අනන්‍ය වූ තොරතුරු සිංහලයන් සතුය. එවැන්නකු එන විට අන්තිමයා එනවා යයි කීම සිංහයකු, හස්තියකු එන විට ඌරු මීයකු එන බව කීම වැනිය. රාවන (රා = රැස් එන) පරපුර බිහිකල හිරු ගැන නොසලකා ඔබ නටන නාඩගම සිංහලයන් ඉදිරියේ විහිළුවට පත්වීමට ඇත්තේ සුළු කලකි.

    පහසුකම් ඇති නම් මනු, විශ්වමනු, විෂ්ණු, නාග (නාථ=නායක) දෙවියන් ආදී එකි නොකී විශේෂිත බල ඇතියකු ගැන ඇති තතු දැන හිරු හඳුනාගත හැක. දස අවතාර බල ඇත්තේ හිරුටය. පණට බැඳි මත්ස්‍ය අවතාරය ඇත්තේ ඔහුට පමණි. ඔහු බිහි කල මිනිසුන්ට මේ අවතාර වලින් ලැබුනු ප්‍රමාණය අනුව අපි කවුදැයි මිනිය හැක. එවැනි හිරුගේ හැකියාවන් ඔය බුධ කියන සිදට් ට හෝ ඔබ රාවණ කියන කෙනාට දමා උන් පිම්බීම අවැඩක් මිස හොඳක් නොවේ.

    හිරු පැමිණ ඇති මොහොතක, මෙවැනි පුහුවැඩ පිරීහීමේ ලක්ෂණ කියා පායි. සැබැවින් ම හිරුට සම කිසිවකු නැත. බොහෝ ආකම් බඳා ගත් උන් ද, රාවණ බදාගත් ඔබ මෙන්ම හිරුගේ චරිතය උන්ගේ හිතළුවට බැඳ ඇත. හිරු එන විට ඔබ රාවණ එනවා යයි කියා අනාගෙන බොරුකාරයන් වීමට හේතු වූයේ පරගැති කම නිසා දින වකවානු වරද්දා ගත් නිසාය. හිරුගේ හැකියාවන් අද වන විට ඔබද අත් දැක ඇත. ගිය සිංහල අවුරුදු දින වූ දෙය අතිවිශේෂය. එවන් මොහොතක රාවනයෙක් දමාගෙන කරන නැටුම සිංහලයන් මුලා කිරීමක් නොවේද?

    හිරු එන බවත් ඔහු කරන දැ සියල්ල සැබෑ බවත් ඉතා පැහැදිලිය. සිංහල ඉතිහාසය ඔබ හිතනවාට වඩා ඉතා ප්‍රබලය. රාවනයෙක් ගැන කාලය නොකා, හිරු ගැන සෙවී නම් අද වන විට ඔබ ඇත්ත දත් බව කියමි. හිරු උපදින නම, දිනය, වේළාව, තැන කීමට තරම් අනන්‍ය තොරතුරු තිබියදී, විකාර මැවීම සිංහලකම නොවේ. ඔහු සිංහල ඉතිහාසය පමණක් නොව සිංහලයන් බිහි කල ආකාරයද දත් එකම කෙනාය.

    ReplyDelete
    Replies
    1. සිංහලයන් ගැන සැබෑ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් මගේ බ්ලොගය බලන්න. http://sinha-ali.blogspot.com.au/

      Delete
    2. කවුද මේ හිරු හිරු කියන්නේ

      Delete