සිව් හෙළය

වසර 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදෙවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරණයෙන් පසු දියුණු වුණු, නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. මහාචාර්ය රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බොහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ගෝත්‍ර හතරක් ලංකාවේ ජිවත්වී ඇත. එම නිසා එකල ලංකාවට සිව් හෙළය යන නම ද භාවිතා වී ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ගෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක. එනම්, සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද ?
මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද ?


මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ගෝත්‍ර ගැන.,


  • රාක්ෂ ගෝත්‍රය

මොවුන්ගේ ලාංඡන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙළයේ සිටි ප්‍රබලම රාක්ෂ ගෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.


  • නාග ගෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ගෝත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ගෝත්‍රිකයන් ලංකාවේ බටහිර දිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.


  • යක්ෂ ගෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ගෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ගෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ගෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.


  • දේව ගෝත්‍රය

මොවුන්ගේ ලංඡනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ගෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි, සුමන සමන් දෙවියන්.


ස්තූතියි,

අකිල ගුණතිලක,
හෙළසුර සංවිධානය.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

  1. මහ නිළමේJanuary 5, 2013 at 7:55 AM

    මුචලින්ද කියන්නෙත් නාග ගෝත්‍රික රජ කෙනෙක්.
    සක්කස්ස දෙවානමින්ද කියන්නේ දේව හෙළයේ කෙනෙක්.
    ආලවක, සාතාගිර, හේමවත කියන්නේ යක්ඛ ගෝත්‍රික අය.

    මම හිතාන උන්නේ රාවණ යක්ඛ ගෝත්‍රිකයෙක් කියලනේ? O.o

    ReplyDelete