ලංකාවත සුත්‍රය රාවණ රජුට දේශනා කලාද?

ලංකාවත සුත්‍රය රාවණ රජුට දෙශනා කල සුත්‍රයක් බව ඔබ අප සියලු දෙනා දනිති.. නමුත් එය මහායාන සුත්‍රය වශයෙන් ඉවත්කොට ඇත. එහෙත් මෙය මොන බුදුන් දෙශනා කල සුත්‍රයක්ද යන්නක් සදහන් වි නොමැත.


වෛශ්‍රවන විසින් බුදුරදුන්ට අටානාටා සුත්‍රය පිලිබදව කියා ඇති අතර එය බුදුරදුන්ද පිලිගත් බව ඔබ අප කවුරුත් දනිති. අටානාටා සුත්‍රයෙන් කියවෙන්නෙ බුදුරදුන්ට හා ශ්‍රාවක පිරිසට සිදුවන හිරිහැර හා කරදරවලින් බේරගන්න යොදා ඇති යකුන් 18 දෙනෙක් පිලිබදවයි. මේ කියන්න යන්නෙ අටානාටා සුත්‍රය පිලිබද නොව, ඉතිහාස කරුණක් සම්බන්දවයි.

එනම්,

අටානාටා සුත්‍රයෙ ඇති කරුනු වෛශ්‍රවන විසින් බුදුරදුන් හට පැවසු එකක් වන හෙයින් ලංකාවත සුත්‍රය රවණ රජුට දේශනා කරන ලදව ඇත්තෙ අප මහා ගෞතම බුදුරදුන් වේ.එයට හේතු වශයෙන් පහත කරුණු දැක්විය හැක.

1. වෛශ්‍රවන යනු රාවණ රජුගෙ වැඩිමහල් සහොදරයාය. (එකම පියාගෙ පුතුන් දෙදෙනෙකු විම )
2. පෙර සිටි බුදුවරයකුගෙ ධර්මයක් හො ධර්ම කරුණක් තවත් බුද්ධ උත්පත්ති කාලයකදි නොරැදිමයි. එනම් පෙර සිටි බුදුවරයකුගෙ බුද්ධ ශාසනය සම්පුර්ණයෙන්ම විනාශ වු පසු තවත් බුද්ධ උත්පත්තියක් සිදුවේ.

මෙ කරුණු සලකා බැලිමේදි පෙනි යන්නෙ ලංකාවත සුත්‍රය අප මහා ගෞතම බුදුරදුන් රාවණ රජුහට ලංකාවත සුත්‍රය දෙශනාකල බවයි. එමෙන්ම රාවණ රජු මිට වසර 3000 පෙර සිටිය හැකිය. තවද සතාගිර, හෙමාවත, පුන්ක අදි යක් සෙම්පතිවරු බුදුන් හමුවිමට ගුවනින් ගිය බව සඳහන් වෙයි..

අප වර්තමානයෙ මහායාන හා ථෙරවාදි වශයෙන් ධර්මය දෙකඩ කරගෙන සිටියද, මේ සියල්ල අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශණා කරන ලද්දක් වේ. අප ධර්මය මහායාන හා ථෙරවාදි වශයෙන් වෙන් කර තැත්තෙ ඇත්තේ ඒ ඒ භික්ෂුන්ගේ අදහස් හා ක්‍රියාකලාපයන් මතය. එනම් සියල්ලෙන් මිදී සිවුරෙහි සිටිය හැකි භික්ෂුන් ථෙරවාදි වශයෙන්ද, එසේ කල නොහැකි භික්ෂුන් මහායාන වශයෙන්ද වෙන්කර ගනි.එහෙත් මේ සියල්ලෙහිම ඇත්තේ අප මහා ගෞතම බුදුරදුන් දෙශනා කල ධර්මයයි..

(මෙය හුදෙක් මාගේ පෞද්ගලික මතයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.)

වැඩි දුර තොරතුරු හෙළසුර සංවිධානයේ මුහුණු පොතේ කණ්ඩායම තුල සාකච්ඡා කළ හැක.

ස්තූතියි.

අකිල ගුණතිලක,
සම්භන්ධීකරණ ලේකම්,
හෙළසුර සංවිධානය.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment