සමාජ සත්කාරක වැඩසටහන පොලොන්නරුව පාසල් පොත් ප්‍රධානය කිරීම

පළමු අධියර - බෞද්ධ පාසල් පුස්තකාල සදහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන.

පළමු වන අධියරේ පළමු පාසැල ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පො/කෑගලුගම විද්‍යාලය තෝරා ගත් අතර එහි පළමු වන ශ්‍රේණියේ සිට එකලොස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වේ. මෙහි සිසු සිසුවියන් 200 ක් පමණ ඉගෙනුම ලබයි.

ඒ අනුව 2013 ජනවාරි මස 24 වන දින පො/ කෑගලුගම විද්‍යාලීය පාසැල් පුස්තකාලය වෙත ඔබ සියළු දෙනාගෙන් ආධාර වශයෙන් අප වෙත ලැබුනු මුද්‍රිත පොත් 100 ක් පරිත්‍යාග වශයෙන් පාසල් පුස්තකාලය වෙත භාර දෙනු ලැබීය.

මේ සදහා අප සංවිධානය වෙත අනුග්‍රහය දැක්වූ,
කාන්ති ප්‍රනාන්දු
නිරෝෂන් පෙරේරා
ප්‍රියන්තිකා චන්ද්‍රලාල්
මල්ලිකා ගුණතිලක

යන මහත්ම මහත්මීන් වෙනුවෙන් හෙළසුර සංවිධානය ගෞරව පූර්වකව ස්තූතිවන්ත වේ.

ඉන් අනතුරුව පො/ වැවේතැන්න තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ දුවා දරුවන් වෙත පාසල් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබා දීමක් සිදු විය. වැසී යාමේ අවධානමක තිබෙන වැවේතැන්න තක්ෂිලා විදුහලේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 30 ක් පමණ ඉගෙනුම ලබයි. එහි විදුහල්පතිතුමා ගේ ඉල්ලීමක් මත එම පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන් වෙත අභ්‍යාස පොත් හා පාසැල් උපකරණ පරිත්‍යාගයත් සිදු විය.


                                                 
                                                     පොත් බෙදා දීමේ අවස්ථා කිහිපයක්


          තමන් වෙත පාසල් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ 
           පරිත්‍යාග කිරීම වෙනුවෙන් හෙළසුර සංවිධානය වෙත 
                           ස්තූතිය පළ කල කුඩා දරුවෙක්..

ඒ සදහා අනුග්‍රහය දැක්වූයේ, හෙළසුර සංවිධානයේ
අකිල ගුණතිලක
ක්‍රිෂාන් වීරසිංහ
යශෝධ රණවීර

යන සාමාජිකයින් සහ
විශේෂයෙන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කල
සම්පත් දයාරත්න මහත්මයා වේ.

ප්‍රඥාවෙන් පෝෂිත දැයේ දරු දැරියන් වෙනුවෙන් කෙරෙන මෙම සමාජ සත්කාරයේ ඉදිරි පියවර සදහා ඔබගේ සහයෝගය හෙළසුර සංවිධානය ගෞරව පූර්වකව අපේක්ෂා කරයි.

විශේෂ ස්තූතිය.

M.G.R. හීන් මැණිකේ මහත්මිය. - අධ්‍යාපන අධ්‍යක්ෂක (ප්‍රාථමික) පොලොන්නරුව
විදුහල්පති - කෑගලුගම විද්‍යාලය, පුලස්තිගම, පොලොන්නරුව.
විදුහල්පති - වැවේතැන්න තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය, පලුගස්දමන, පොලොන්නරුව.
හෙළසුර ලේකම් - ක්‍රිෂාන් වීරසිංහ
හෙළසුර සම්භන්ධීකරණ ලේකම් - අකිල ගුණතිලක
හෙළසුර සාමාජික - යශෝධ රණවීර
සහ නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සැමට....

ස්තූතියි.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment