මැද්දේගම මහා විද්‍යාලය - පොත් බෙදා දිම

හෙළසුර සංවිධානය විසින් වාර්ශිකව සිදු කරගෙන යන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අධියරක් ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා අවසන් විය.

ඒ ගම්පහ කිරිඳිවැල අධ්‍යාපන කොට්ඨාශයට අයත් මැද්දේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් උදෙසා පාසැල් අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමයි


විදුහල්පති එම්.එම්. සෙනරත් මහතා

දම්සර වැඩිහිටි සමිතියෙ ලේකම් හෙට්ටිගොඩ මහතා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමක් අනුව මෙම සමාජ සත්කාරක වැඩ සටහන සංවිධානය කිරීමට හෙළසුර සංවිධානයේ සම්භන්ධීකරණ ලේකම් අකිල ගුණතිලක මහතා සහ සද්ධා තිස්ස පදනමේ නිර්මාතෘ ජනක සම්පත් මහතා උත්සුක විය.

මේ කාරණය පිළිබඳව අන්තර්ජාලයේ හෙළසුර නිල පිටුවේ අප පළ කල දැන්වීමට බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබුණි. විශේෂයෙන්ම උදාර චතුරංග මහතා මේ සඳහා බොහෝ උපකාර කල අතර, පෞද්ගලිකවම ඒ වෙනුවෙන් කැප වෙන ලදි.

එම දැන්වීම සඵල කරමින් බොහෝ දෙනා මූල්‍යමය වශයෙන් ද ක්‍රිෂාන් විරසිංහ මහතා හා ජනක සම්පත් මහතා ද්‍රව්‍යමය වශයෙන් ද අපට ආධාර උපකාර කලහ



පසුගිය අප්‍රේල් මස 06 වන දින ගම්පහ මැද්දේගම විදුහල වෙත ගිය අකිල ගුණතිලක හා ජනක සම්පත් යන මහත්වරුන් විසින් එම විදුහලේ සිසු දරු දැරියනට පොත් කට්ටල බෙදා දෙනු ලැබීය.



සද්ධා තිස්ස පදනමේ නිර්මාතෘ ජනක සම්පත් මහතා


දම්සර වැඩිහිටි සමිතියෙ ලේකම් හෙට්ටිගොඩ මහතා




විදුහල්පති එම්.එම්. සෙනරත් මහතා





චාම් උත්සවයක් පවත්වා හෙළසුර නියෝජිත පිරිස පිළිගත් මැද්දේගම විදුහල් සිසු දරු දැරියන් වෙනුවෙන් පොත් කට්ටල ප්‍රධානය කිරීමෙන් අනතුරුව හෙළසුර සංවිධානයේ සම්භන්ධීකරණ ලේකම් අකිල ගුණතිලක මහතා විසින් ස්තූති කතාවක් ද පැවැත්වීය.

ආධාර උපකාර කල පින්වත් ඔබ සැමගේ නාම ලේඛනය පහතින් දක්වා ඇත.






දැයේ දරුවන්ගේ ණැන පහන් දල්වා ලීමට කටයුතු කළ ඔබ සැමට හෙළසුර සංවිධානය බෙහෙවින් ස්තූති වන්ත වේ.

තවද පොත් ප්‍රවාහනය වෙනුවෙන් තම රථය ලබා දුන් ජනක සම්පත් මහතානන්ටද, අනෙකුත් කාර්යයන් බොහෝමයක දී සහාය දුන් අකිල ගුණතිලක මහතානන්හටත් පානදුර ප්‍රදේශයේ උදාර චතුරංග මහතානන් හටත් හෙළසුර සංවිධායක මණ්ඩලය ස්තූතිය පුද කර සිටියි.

ස්තූතියි
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment