හෙළසුර සංවිධානයේ ආරම්භය.

හෙළසුර සංවිධානය අපගේ හෙළ ඉතිහාසය සොයා යන ගවේශණාත්මක කණ්ඩායමකි. මූලිකවම නිවැරදි හෙළ ඉතිහාසය සොයා සාධක සහිතව වගකීමෙන් යුක්තව සමාජගත කිරීමේ උදාරතර අරමුණෙන් ආරම්භ වූ මෙම සංවිධානය අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.

හෙළසුර සංවිධානය 2011 දෙසැම්බර් මස 12 වන දින සංවිධානයේ වත්මන් සභාපති ධූරය දරන මහේන්ද්‍ර ජයකොඩි සහ චානක දේව් චතුරංග යන අයගේ අදහසක් මත ආරම්භ වූවකි. මුහුණු පොතේ කුඩා කණ්ඩායමක් ලෙස පටන්ගත් මෙය දැන් ප්‍රායෝගිකව වැඩ කරන සංවිධානයක් බවට පත්ව ඇත.

 හෙළසුර සංවිධානයේ මුහුණු පොතේ කණ්ඩායම.
http://www.facebook.com/groups/helasura/ 


2011 දෙසැම්බර් මස 25 වන දින මහනුවර දී සාමාජිකයින් මුණ ගැසී ආරම්භ කල වැඩ පිළිවෙල මත මසකට වරක් රැස් වී නව සාමාජිකයන් බදවා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම් සිදු විය.

මාධ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම් මත කටයුතු කරන හෙළසුර සංවිධානය 2012 ජනවාරි මස 15 වන දින රාජගිරිය සදහම් සෙවණ පරිශ්‍රයේදී ආචාර්ය සූරිය ගුණසේකර මහතාගේ සහ වෛදික ජ්‍යොතිෂවේදී කාංචන මනමේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් දේශණ පැවැත්විනි.

සංවිධානයේ විද්වත් මණ්ඩලය ලෙස ආචාර්ය සූරිය ගුණසේකර මහතා සහ වෛදික ජ්‍යොතිෂවේදී කාංචන මනමේන්ද්‍ර මහතා කටයුතු කිරීමයි.එමෙන්ම ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා විද්‍යා ඒකකයේ පුරාවිද්‍යා ගවේශක නන්දදාස සමරවීර මහතා මුණ ගැසීමට හෙළසුර සංවිධානයේ ක්‍රිෂාන් වීරසිංහ සහ දෙසවන් සමීර දයාරත්න 2012 ජනවාරි මස 27 වන දින ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයට ගොස් සාකච්ඡා පැවැත්වීය.





තවද 2012 මාර්තු මස 30 වන දින මහාචාර්ය පී.ඒ. වික්‍රමතුංග මහතා හමුවීමට හෙළසුර සංවිධානයේ අකිල ගුණතිලක, ක්‍රිෂාන් වීරසිංහ,මධුර චින්තක සහ චුල්ල සේනාධිකාර යන සාමාජිකයින් එතුමාගේ නිවසට ගොස් සාකච්ඡා පැවැත්වූ අතර ඉදිරි කාලයේ හෙළසුර සංවිධානයේ වැඩමුලු හා දේශණ වලට එතුමාගේ දායකත්වය ලබා දීමට එකග විය.


                             මහාචාර්ය පී.ඒ. වික්‍රමතුංග මහතා





මේ වන විට මෙම විද්වතුන් සංවිධානයේ විද්වත් මණ්ඩලය ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත.

එක් වන්න අපත් සමග,
http://www.facebook.com/groups/helasura/ 
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment