හෙළසුර සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබාගැනීම.

හෙළසුර සංවිධානය පිළිබදව හැදින්වීමේදී මෙය ආරම්භ කරනු ලැබුවේ ‍අපගේ වැළලී ගිය පෞඩ ඉතිහාසය සොයා ඒ පිළිබදව ජනතාව හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සහ එම තොරතුරු සනාථ කිරීමට ඇති සාධක හා මුලාශ්‍ර රැක ගැනීමේ උදාරතර අරමුණ පෙරදැරි කරගෙනය.ඒ අනුව මුහුණු පොතට පමණක් සීමා නො‍වී ප්‍රායෝගික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් හෙළසුර සංවිධානය පළමු හමුව 2011 දෙසැම්බර් මස 25 වන දින මහනුවර දී පැවැත්වීය.

එතැන් පටන් සෑම මසකටම එක් වරක් අපගේ සාමාජිකයන් සංවිධානය වෙත බදවා ගනිමින් රැස්වීමක් පවත්වා සාමාජිකයන් දැනුවත් කිරීමත්, සංවිධානයේ ඉදිරිගමන් මග සාකච්ඡා කිරීමත් සිදු කරන ලදී.

එම රැස්වීම් සදහා අප ආරාධිත දේශකයන් වශයෙන් ආචාර්ය සුරිය ගුණසේකර මහතා, මාධ්‍යවේදී කාංචන මනමේන්ද්‍ර මහතා වැනි විද්වතුන් කැදවමින් හෙළසුර සංවිධානයේ සාමාජිකයන් දැනුවත් කිරීමට සංවිධානයේ නිලධාරී මණ්ඩලය කටයුතු කලෝය.

තවද අප නිලධාරී මණ්ඩලය විසින් සංවිධානයේ විද්වත් මණ්ඩලය වෙනුවෙන් සහභාගි කරවා ගැනීම පිණිස ගාල්ල සමුද්‍ර විද්‍යා ඒකකයේ මහාචාර්ය නන්දදාස සමරවීර (මෙතුමා වසර 12ක පමණ කාලයක් සීගිරිය කැණිම් භාරව කටයුතු කර ඇත) සහ මහාචාර්ය පී.ඒ. වික්‍රමතුංග මහතාණන් සමගද සාකච්ඡා පවත්වා ඇත‍.ඔවුන්ගේ සහයෝගයත් හෙළසුර සංවිධානය වෙත ලබා ගැනීමට හැකි වීම හෙළසුර සංවිධානය ලබා ලත් ජයග්‍රහණයකි‍.

මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රායෝගික වැඩමුලු, ගවේශණ කටයුතු,පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්දැනුවත් කිරීම් වලට සහභාගි වීමට හෙළසුර සංවිධානය ඔබටත් ආරාධනා කර සිටියි.


හෙළසුර සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමති අය වෙතොත් පහත දැක්වෙන ආකෘතිය අනුව සැකසූ අයදුම් පත්‍රයක්   helasura@yahoo.com යන විද්‍යුත් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිමු.


ස්තූතියි...


සාමාජිකත්වය ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍ර ආකෘතිය.

සම්පූර්ණ නම                     :
මුලකුරු සමග නම              :
උපන් දිනය                        :
ස්ථිර ලිපිනය                      :
වර්ථමාන ලිපිනය               :
රැකියාව                             :
වයස                                  :
ජාතික හැදුනුම්පත් අංකය   :
ස්ත්‍රී / පුරුෂ භාවය               :
විවාහ / අවිවාහක භාවය     :
දුරකතන අංකය                  :
ඊ මේල් ලිපිනය                 :



~ හෙළසුර සංවිධානය ~
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment