අත්වැල්තොට - ඍෂිගල ආරණ්‍ය සේනාසනයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම.


හෙළසුර සංවිධානය විසින් සිදු කරන්නා වූ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් ජයග්‍රාහී අධියරක් සනිටුහන් කරමින් අත්වැල්තොට - ඍෂිගල ආරණ්‍ය සේනාසනයේ අභිනව බුද්ධ මන්දිරය ඉදිකර පූජා කරන ලදි.

හෙළසුර සංවිධානයේ වත්මන් සම්භන්ධීකරණ ලේකම් තනතුර හොබවන අකිල ගුණතිලක මහතාගේ පූර්ණ කැපවීම හා අධීක්ෂණය මත සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා හෙළසුර සංවිධානයේ සාමාජික / සද්ධාතිස්ස පදනමේ නිර්මාතෘ ජනක සම්පත් මහතාගේද, උත්සාහය හා කැපවීම මත අති සාර්ථක අයුරින් නිම කිරීමට හැකිවිය.

මතුගම - කළවාන මාර්ගයේ ගමන් කරන විට හමුවන අත්වැල්තොට ගම්මානයේ සිට අබලන් වූ මාර්ගයක් ඔස්සේ ගමන් කර, පසුව කැළය තුළට කිලෝ මීටර් ½ පමණ යන විට ඍෂිගල ආරණ්‍ය සේනාසනය හමු වේ.


       බුද්ධ මන්දිරයක් නොමැතිව බුද්ධ ප්‍රථිමාව වැඩ සිටි අන්දම

රාවණා ගවේශකයින් හට අති විශේෂ වැදගත් කමක් ඇති මෙම ඍෂිගල පූජා භූමියට මෙතෙක් සංවර්ධනයේ අරුණළු වැටී තිබුනේ නැත. රාවණ රජුගේ උප්පත්තිය වූවා යැයි සැළකෙන මේ පින්බිමේ අතීතයේ හෙළ ඍෂිවරුන් තම භාවනා කටයුතු සඳහා ද  යොදා ගෙන ඇත. එලෙස පාරිශුද්ධත්වයට පාත්‍ර වූ මෙම පින්බිමේ දැනට පවත්නා ආරණ්‍ය සේනාසනයේ බොහෝ අඩු පාඩුකම් ඇත.


        ආරණ්‍ය සේනාසනය වෙත ගමන් කිරීමට ඇති දුෂ්කර මාර්ගය

හෙළසුර සංවිධානයේ මාසිකව පැවැත්වූ දේශණ වාරයක් තුල හෙළසුර සංවිධානයේ උපදේශක වරයෙක් වන වෛදික ජ්‍යොතිශවේදී, රාවණා ගවේශක කාංචන ගීත මනමේන්ද්‍ර මහතා විසින් පළමු වරට ඍෂිගල පුණ්‍ය භූමියේ වැදගත් කම හෙළි කලහ. එයින් මාසයක් ගත වීමටත් මත්තෙන් හෙළසුර සංවිධානයේ සාමාජික අමිල සමරසිංහ පෙරමුණ මහතාගේ අදහසක් අනුව ඍෂිගල ආරණ්‍ය සේනාසනය සොයා යාමට තීරණය විය.එයට අකිල ගුණතිලක මහතාද එක්විය. අති දුශ්කර මඟක් ගෙවා ඍෂිගල ආරණ්‍ය සේනාසනය වෙත ළඟා වූ ඔවුනට පළමුවෙන් නෙත ගැටුනේ සිවුරු රෙදි යොදා ආවරණය කර තිබූ බුද්ධ ප්‍රතිමාවකි. සේනාසන භූමියේ ගල් තලාවක් මත වැඩ හිඳුවා තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ අව් වැසි වලින් ආරක්ෂා කිරීමට සමත් වූයේ එකී සිවුරු රෙදි යොදා සකස් කර තිබූ ආවරණයයි. ගොවිතැනින් ජීවත් වන අහිංසක දුප්පත් ගම්වාසීන් විසින් සුළුවෙන් හෝ තමන්ට හැකි පමණින් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්වනු ලබයි. නමුත් ඔවුනට ආරණ්‍ය සේනාසනයට අත්‍යාවශ්‍ය වූ බුද්ධ මන්දාරයක් තනා ගැනීමට තරම් ආර්ථිකමය ශක්තියක් නොමැත. මුදල් පරිහරණයෙන් තොර ඍෂිගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය සබ්නාලංකාර ස්වාමීන් වහන්සේ, පරිත්‍යාගයක් ලෙස ලැබුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ ආරක්ෂා කරගනිමින් කෙළෙස හෝ බුද්ධ පූජාවන් ආදිය පවත්වමින් සිටියහ. අමිල සමරසිංහ මහතාගේ සිතට නැඟුන අදහසකට අනුව ඍෂිගල ආරණ්‍ය සේනාසනයට බලවත්ව අඩුපාඩුවක්ව පැවති බුද්ධ මන්දිරයක් සාදවා පූජා කිරීමට හෙළසුර සංවිධානය තීරණය කළහ.


ඒ අනුව හෙළසුර සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ අත්වැල්තොට ඍෂිගල ආරණ්‍ය සේනාසනයේ අභිනව බුද්ධ මන්දිරයේ  වැඩ ආරම්භ කිරීම 2013 වෙසක් මස 26 වන දින සුබ මොහොතින් ආරම්භ විය. බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භය සනිටුහන් කරමින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ  මුල් ගල තැබීම ජනක සම්පත් මහතාගේ සුරතින් සිදු විය. අකිල ගුණතිලක, ජනක සම්පත් යන මහත්වරුන්ගේ දැඩි කැපවීම හා උත්සාහය මත මසක් වැනි ඉතා කෙටි කාලයක් තුල ඍෂිගල ආරණ්‍ය සේනාසනයට මහත් අඩුපාඩුවක්ව පැවති බුද්ධ මන්දිරයේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි විය. ඒ අනුව වර්ෂ 2013 ක්වූ පොසොන් මස 22 දින අත්වැල්තොට ඍෂිගල ආරණ්‍ය සේනාසනාධිපති ගරු පූජ්‍ය සබ්නාලංකාර ස්වාමීන් වහන්සේගේ සුරතින් විවෘත විය. මෙම අවස්ථාවට අකිල ගුණතිලක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවනුත්, ජනක සම්පත් මහතා සහ එම මහතාගේ පවුලේ සාමාජික සාමාජිකාවනුත්, හෙළසුර සංවිධානයේ සාමාජිකයින් කිහිප දෙනෙක්ද, ඍෂිගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපතිතුමා වන සුනිල් ශාන්ත මහතාත්, ලේකම් තුමා වන සුසන්ත මහතාත් සහ ගම් වාසීන් විශාල පිරිසක්ද සහභාගී විය.

                                           සමරු පළකය


ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ හෙළසුර සංවිධානය පිටුව හරහා මේ පුන්‍ය කටයුත්ත පිළිබඳ දැනුවත් කළ මොහොතේ සිට අප වෙත විශාල වශයෙන් මුදල් ආධාර ලැබුණි. එම මුදල් ආධාර පදනම් කරගෙන මෙම කටයුත්ත අති සාර්ථක කරගැනීමට හැකි විය. හෙළසුර සංවිධානයේ ෆේස්බුක් පිටුවෙන් මෙන්ම, අප සහෝදර සංවිධානයක් වන හෙළ හිරුවණ පදනමේ ෆේස්බුක් පිටුව හරහා ද මෙම සත්කාර්‍යය පිළිබඳව පුළුල් ප්‍රචාරයක් සිදුකරන ලදි. බුද්ධ මන්දිරයේ වැඩ අවසන් කිරීමට වැය වූ සම්පූර්ණ මුදල රුපියල් 107,710.00 කි. එකී මුදල වෙනුවෙන් දායකත්වය සැපයූ, ආධාර කල පින්වත් ඔබ සැමට එම පින අනුමෝදන් වනවා සේම හෙළසුර සංවිධානයේ ගෞරව පූර්වක ස්තූතිය හිමිවේ.


විශේෂ ස්තූතිය,
අකිල ගුණතිලක මහතා              - සම්භන්ධීකරණ ලේකම්, හෙළසුර සංවිධානය.
ජනක සම්පත් මහතා                   - සාමාජික, හෙළසුර සංවිධානය. / නිර්මාතෘ, සද්ධාතිස්ස පදනම.
කාංචන ගීත මනමේන්ද්‍ර මහතා     - උපදේශක, හෙළසුර සංවිධානය.
අමිල සමරසිංහ මහතා                - සාමාජික, හෙළසුර සංවිධානය.
මධුර චින්තක හෙට්ටිගේ මහතා    - සාමාජික, හෙළසුර සංවිධානය / සාමාජික, විශ්වීය දැනුම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය.
මධුසංක රත්නායක මහතා         - සාමාජික, හෙළසුර සංවිධානය.
                      සහ, නන් අයුරින් උපකාර කල ඔබ සැමට......

ආධාර කළ පින්වත් ඔබගේ නාම ලේඛණය පහතින් බාගත කල හැක.

බුද්ධ මන්දිරය ඉදිකිරීමේ කටයුත්තේ අය වැය ලේඛණය පහතින් බාගත කල හැක. 

ස්තූතියි,
හෙළසුර සංවිධානය.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

4 comments:

  1. බොහොම සන්තෝෂයි.
    මෙවන් පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....

    ReplyDelete
  2. බොහොම සන්තෝෂයි.
    මෙවන් පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....

    ReplyDelete
  3. බොහොම සන්තෝෂයි.
    මෙවන් පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....

    ReplyDelete