බලන්ගොඩ හිටුවල විද්‍යාලයේ පරිගණක ඒකකය වෙනුවෙන් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම

හෙළසුර සංවිධානය විසින් අඛණ්ඩව පවත්වාගෙන යන සමාජ සත්කාරක වැඩසටහන ඔබගේ නොමසුරු දායකත්වය යටතේ තවත් ජයග්‍රාහී අධියරක් සනිටුහන් කල වගයි..

ඒ අනුව බලන්ගොඩ, පින්නවල, හිටුවල ප්‍රදේශයේ හිටුවල ධර්මසේන විද්‍යාලයට නව පරිගණක යන්ත්‍රයක් ප්‍රධානය කිරීම 2016 අගෝස්තු මස 31 වන දින සිදු විය. හිටුවල ප්‍රදේශයේ පදිංචි නිලුකා කුමුදුනී මෙනවිය විසින් හෙළසුර සංවිධානයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය විය. ඒ අනුව හෙළසුර සංවිධානයේ ඉල්ලීම මත සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් මේ සඳහා දායකත්වය දක්වන ලදි. කෙටි කාලයක් තුල ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීමට බොහෝ දෙනා එක් විය. අගෝස්තු 31 වන දින පෙරවරුවේ ර/ හිටුවල ධර්මසේන විද්‍යාලයේ විදුහල්පති තුමන් වන ඩී.පී. රූපසිංහ මහතා වෙත එකී නවීන පරිගණක යන්ත්‍රය හෙළසුර සංවිධානයේ අකිල ගුණතිලක සහ උදාර චතුරංග යන මහත්වරුන් විසින් බාරදෙන ලදි. එම අවස්ථාවට නිලූකා කුමුදුනී මෙනවියත්, පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරුබවතුන් පිරිසක්ද සහභාගි විය.













මේ සඳහා ආධාර උපකාර කල සියළුම දෙනා හට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරන අතර මූල්‍යමය වශයෙන් ආධාර කල අයගේ නාම ලේඛණය පහතින් දක්වා ඇත.

මෙතනින් ක්ලික් කර යන්න

ඔබ සැමට තෙරුවන් සරණයි...!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment