බෙලිගල රජමහා විහාරය - සිමෙන්ති ගල්

හෙළසුර සංවිධානය මගින් සිදුකරන්නාවූ සමාජ සත්කාර වැඩසටහන් යටතේ, බෙලිගල රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිවන ධර්මශාලාව සඳහා සිමෙන්ති ගල් 600ක් (ප්‍රවාහනය සමග) ප්‍රදානය කිරීම 2018 ජනවාරි 21 දින විහාර භූමියේ දී සිදුකරන ලදී. ඒම අවස්ථාව සඳහා හෙළසුර සංවිධානය සාමාජිකයන් වන Akila MadushanthaUdara ChathurangePrasanna Vijitha, හා Thilina Manoj යන අයවලුන් සහභාගි විය.
මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට මුදලින් මෙන්ම ශ්‍රමයෙන් ද උපකාරවූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි.
මෙම රජමහා විහාරයේ අවශ්‍යතාවය පිළිබඳ අප දැනුවත් කළ හා අප හා සම්බන්ධවූ සුජානි අමරසේන සොහොයුරියටත් අපගේ ස්තුතිය හිමිවිය යුතුය.
එසේම ඔබගේ නොමසුරු ආධාරය ට බොහෝමත්ම පිං..
එයට හේතුව වන්නේ මෙම පන්සලේ දායකයන් බොහෝම අමාරුවෙන් පන්සලේ සුබසිද්ධිය සඳහා මුදල් එකතු කරගන්නා බැවිනි. (එක පවුලකින් මසකට රැපියල් සියය බැගින් එකතු කර) එසේ එකතු කරගන්නා මුදල්වලිනුයි මොවුන් ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදු කර ගන්නේ.
ශ්‍රමය ගැටළුවක් නොවුනත් මුදල් නම් ලොකු ගැටලුවක්. එම නිසා ඔබටත් හැකියාවක් ඇති නම් ඔවුන්ට උදව් කරන්න.
නැවතත් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහනක් සමගින් ඔබ හා එක්වන්න බලාපොරොත්තුවෙන් ඔබ ගෙන් සමුගමි


සිමින්ති ගල් ලබාගත් කුවිතාන්සිය

පන්සලේ දායක සභාවෙන් කොටසක් සහ අප සාමාජිකයන් සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු..

දායක සභාවෙන් කොටසක්.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පැරණි ධර්ම ශාලාව..(ගරා වැටී ඇත)


ලබා දුන් සිමෙන්ති ගල් විහාර භූමියේ ගොඩ ගසන අයුරු..

ලෑබිම් හා ගෙවිම් -

ලැබිම් -


  උදාර චතුර0ග                               5,000/=
 අකිල මදුශාන්ත                            2,100/=
 ඩිලන් ලක්මාල්                               2,500/=
 ශාමින් අමෙශ්                                7,000/=
 චන්දිම ඩි සිල්වා                                500/=
ළහිරු කුරුකුලසුරිය                      1,000/=
උජානි බන්ඩාර                                  300/=
ධම්මිකා කුමාරි                               1,000/=
සම්පත් දායාරත්න                         3,000/=
අමිල ජයවර්දන                               2,000/=
නදීර ෆෙනෙන්ඩු                              1,000/=       25,400/=



ගෙවිම් -


සිමෙන්ති ගල් 600                            23,400/=
ප්‍රවාහනය                                          2,000/=        25,400/=


Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment