හෙළ අසුර අධිරාජ්‍යයට යලි ජීවය ලබා දීමට වෙර දරන - හෙළසුර සංවිධානය.

"තමන් ලැබූ දිවි පෙවතේ...
කොටසක් රට සමය වෙතේ..
පුද නොකලොත් එයින් පුතේ..
මෙලොවට කිසි වැඩක් නැතේ..."

එස්.මහින්ද හාමුදුරුවෝ සියවස් ගණනාවකට කලින් එහෙම කිව්වේ අන්‍ය ජාතියක උනත් ඒ හාමුදුරුවන්ට මේ රට ජාතිය ආගම ගැන විශාල කැක්කුමක් තිබුණ නිසා. උන්වහන්සේ අන්‍ය ජාතියක වෙලත් එහෙම හැගීමක් කැක්කුමක් ඇති උනේ ඇයි..? උන් වහන්සේ දැනගෙන හිටියා සිංහල ජාතිය කියන්නේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම ජාතිය කියලා. ඒ වාගේම ඔවුන් ජීවත් වෙන රට, ඔවුන් අදහන ධර්මයත් ඉතා ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේට තෙරුම්ගියා. එහෙම තේරුම් ගත්ත නිසාවෙන් තමා උන්වහන්සේ අතින් ජාතික අභිමානය ඇතිවන කවි ලියවුනේ.


කොහොමද අපේ සිංහල ජාතිය ලෝකේ ඉන්න ශ්‍රේෂඨතම ජාතිය උනේ? මොකද සිංහල ජාතියට අති විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන නිසා. අද වෙනත් ජාතීන් ලංකාවේ සංචාරය කරන්න ඇවිත් මේ රටේ තිබුන දියුණු වාරි තාක්ෂණය, අහස උසට හදපු වෙහෙර විහාර, නගර සැලසුම්කරණය වාගේ දේ බලාගෙන ඉන්නේ ඇස් උඩ ඉන්දගෙන. නමුත් ඔවුන් මේ දකින්නේ  අපේ සැබෑ ඉතිහාසයෙන් දහයෙන් එකකටත් වඩා අඩු ඉතිහාසයක් විතරයි. විදේශිකයෝ විතරක් නෙමේ අපේ රටේ බහුතරයක් අපේ නියම ඉතිහාසය  දන්නේ නෑ.

අද අපේ රටේ ඉතිහාසය විජයගෙන් එහාට ගෙනියන්න කොටසක් කැමති නෑ. ඒ නිසාම බහුතරයක් දන්නේ විජයගෙන් මෙහා ඉතිහාසය. අපි වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් විජය වගේ ආක්‍රමණිකයෙක්ගෙන් පැවත එන්නේ නෑ. විජය පැමිණීමටත් වසර දහස් දසදහස් ගණනකට එහා අපේ රටේ අති දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනා. අපේ ඒ ශිෂ්ඨාචාරය ඔස්සේ ගිහින් තමා ලෝකේ අනෙකුත් ශිෂ්ඨාචාර බිහිවුනේ. ඒ කියන්නේ ලෝකේ පැවතුණ අනෙකුත් ශිෂ්ඨාචාරවලට පදනම වැටුනේ අපේ ආදී හෙළයගෙන් කියන එකයි. අද ඒවා සාක්ෂි සහිතව ඔප්පු වෙනවා. මිසර, මෙසපොතේනියානු වගේ ශිෂ්ඨාචාර ඒ වගේ ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ අති දැවන්ත මිසර පිරිමීඩ, මායා ශිෂ්ඨාචාරය තුල ඇති ගොඩනැගිලි ආදිය ඉදිවුනේ හෙළයන්ගේ උපදෙස් මත කියන එක අද තහවුරු වෙලා ඉවරයි.

ඒ කාලයේ මෙරට පාලනය කරපු රජවරු මේ රට විතරක් නෙමේ ලෝකේ අනෙකුත්  ප්‍රදේශද පාලනය කරගෙන ගිය බවට සාක්ෂි තියෙනවා. ඒ වගේ අධිරාජ්‍යයක් පාලනය කරපු රජවරු හැටියට හිරණ්‍ය කසුබ්, දසිස් රාවණ රජතුමා වගේ අයව හදුන්වන්න පුලුවන්. ඉතින් මේ අපෙ රට මූලික කරගෙන පාලනය කරපු අධිරාජ්‍යය "හෙළ අසුර අධිරාජ්‍යය" නමින් හැදින්වූවා. මේ යුග වලදි මේ හෙළය පාලනය කරපු රජවරු සතුව ඉතා දියුණු තාක්ෂණයක් තිබුණා. ඒ වගෙම මනා දැනුම් සම්භාරයකුත් ඔවුන් සතුව තිබුණා.

වර්තමානයේ හිතා ගන්නවත් බැරි තාක්ෂණයක් තමා එදා මේ හෙළයන් සතුව තිබුනේ. තව අවුරුදු දාස් ගනණකටවත් හොයාගැනීමට නොහැකි තාක්ෂණක්  තමා එදා තිබුනේ. නමුත් ජාතියේ අවසනාවට මේ ඉතිහාසය හොයන ඇත්තෝ ඒවා හිතා මතාම මග අරිනවා. ප්‍රබන්ධ වලින් පිරුණ වංශ කතා තමා එයාල විස්වාස කරන්නේ. සාධක පෙනි පෙනී තිබියෙදීත් ඒ ඇත්තෝ ඒවා මග අරිනවා. එහෙම මග නොහරිනවනම් පුලතිසි ප්‍රතිමාවට කවදාවත් පැරකුම් පිලිමය කියන්නේ නෑ. ජාතියක සැබෑ ඉතිහාසය සැගවීම තරම් සමාජ අපරාධයක් තවත් නෑ. හිතා මතා ඉතිහාසය සගවපු අයට නිසි දඩුවම් ඉදිරියේදි ලැබේයි.

නමුත් ඔවුන් අතින් ඒ අපරාධය සිදුවුනත් අපේ අතින් ඊළග අපරාධය සිදුනොවන්න තමා අපි මේ සූදානම් වෙන්නේ, ඒ අපරාධය තමා සැබෑ ඉතිහාසය දැනගෙන එය සමාජගත නොකිරීම. ඒ වැරද්ද අපේ අතින් සිදු නොවන්න තමයි අපි මේ සංවිධානය පිහිටුවාගත්තේ. නිවැරදි ඉතිහාසයෙන් සමාජය දැනුවත් කිරීම තමා අපේ මූලික අරමුණ. ඒ වගේම ඒ ඉතිහාසය ඔප්පු කරන්න තියෙන සාක්ෂි, ස්ථාන අද යම් පිරිසකගේ වුවනාවට විනාශ කරන්න සූදානමින් සිටිනවා. ජාතියක් ජන්මයක් නැති මුදල් වලට ගිජු එවැනි විනාශකාරීන්ගෙන් එම ස්ථාන රැකගැන්මත් අපේ මූලික අරමුණක්. තවත් ඉතා ශෝචනීය දෙයක් මේ අතර සිදුවෙනවා. ඒ අපෙ පැරණි තාක්ෂණය පිට රැටියන්ට විකුණන එක. ඉතිහාසය ගොඩ නැගීමෙන් රටට ජාති‍යට ඇතිවන කිර්තියට වඩා ඔවුන්ට තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් තමා වැදගත්. ඒ වගේ දේශාභිමානයක්, ජාතිකාභිමානයක් නැති දේශද්‍රෝහී හිවලුන්ට අත්වන ඉරණම හිතා ගන්න බෑ. ඒවා නිසි කලට සිද්ධ වෙයි.

ඉතින් මේ ලිපිය කියවන සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පිලිබදව හැමෝම දැනුවත් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. අපිට ශක්තියක් වෙන්න. අපේ සැබෑ ඉතිහාසය ලොවටම ඔප්පු කරලා අපේ ශ්‍රේෂ්ඨ රට ජාතිය ලොව කිසිම ජාතියකට නොදෙවෙනියි කියලා ඔප්පු කරන්න, අපිට සහය වෙන්න. ඔබේ නියම යුතුකම රට ජාතිය වෙනුවෙන් ඉටුකරන්න.

එය සැබෑ හෙළ දුවාදරුවන් වන ඔබ අපගේ පරම යුතුකමයි,,,,,,

                                           හෙළ අසුර අධිරාජ්‍යයට ජයවේවා......! ! !


එස්.මහේන්ද්‍ර ජයකොඩි,
ගරු සභාපති,
හෙළසුර සංවිධානය.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 comments: